පළාත් පාලන මැතිවරණයේදීඑක්සත් ජාතික පක්ෂය පසුබෑමට ලක්වීමට හේතු වූ කරුණු සොයා බලා ඒ පිළිබඳ ගත යුතු පියවර නිශ්චිත ලෙස හඳුනාගැනීමට එක්සත් ජාතික පක්ෂයතීරණය කර තිබේ.
ප්රධාන වශයෙන් ග්රාමීය ජනතාව එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් බලවේග වෙනුවෙන් ජන්දය ප්රකාශ කිරීමට හේතු වූ කරුණු මොනවාදැයි යන්න මෙහිදී විශේෂ අවධානයට යොමු කෙරෙන අතර, ඒ පිළිබඳ සොයාබැලීමට එක්සත් ජාතික පක්ෂයේ පිරිසකට වගකීම පවරා තිබේ.
පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජන්ද ප්රතිශතය අඩු වීමට බලපෑ හේතු සමහරක් වන පොහොර ප්රශ්නය, ජීවන වියදම,විරැකියාව, වී මිලදීගැනීමේ අඩුපාඩු පිළිබඳ පක්ෂය මේ වනවිටත් පුළුල් අවධානය යොමුකර ඇතැයිද එක්සත් ජාතික පක්ෂය පැවසීය.
ඊට අමතරව වංචා, දූෂණවලට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේදී සිදු වූ ප්රමාදය ගැන එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී තිබෙන අතර, මෙම සියලු කරුණු ගැන අවධානය යොමු කිරීමෙන් පසු පක්ෂයේ ජන්ද ප්රතිශතය අඩු වීමට බලපෑ සියලු කරුණු සති දෙකක් ඇතුළත අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට යොමු කිරීමටද අදාළ කණ්ඩායම පොරොන්දු වී තිබේ.