එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම නාම යෝජනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ බලය පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමටත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පැවති හමුවකදී තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරවාහැරි වහාම මහමැතිවරණයට පෙරාතුව කොළඹදී පක්ෂ සම්මේලනයක් පැවැත්වීමද තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණ.