පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතුවලදී සහභාගී වන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්රීවරුන්ට, ආසන සංවිධායකයන් ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් මගහරිමින් එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්රී රජිත හපුආරච්චි මහතා පැවසීය.
මේ නිසා දැනට පක්ෂය සතු පළාත් සභා මන්ත්රීවරුන් 14 දෙනාම කළකිරීමට පත්ව ඇතැයි මන්ත්රීවරයා සඳහන් කළේය.
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහය පළකරමින් තමා නියෝජනය කරන කටාන ආසනයේ පැවැති රැස්වීම්, සාකච්ඡාවලට තමාට ආරාධනා නොකළ බවත්, මේ පිළිබඳව පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා දැනුවත් කළ බවත් ඔහු පැවසීය.