එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මලික් සමරවික්‍රම මහතා මෙම තරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයට සහාය දීමක් ලෙසය. මෙම ප්‍රතිසංවිධානයට සහාය දක්වමින් අමාත්‍ය කබීර් හෂීම් මහතාද එජාප මහලේකම් තනතුරින් මීට පෙර ඉල්ලා අස්විය.