ක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය අනිද්දා(07දා) පෙරවරු 9.00 ට එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල්පිටියේදී පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් 8000ක්, පාක්ෂිකයන් සහ නියෝජිතයන්මෙවර විශේෂ සම්මේලනයටසහභාගි වීමට නියමිතය.
පසුගිය වසරේ සැප්තැම්බර් 06 වැනිදා රත්නපුරයේදී එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පැවැත්වීමට සූදානම්කර තිබුණද, පැවැති අයහපත් කාලගුණය නිසා එය අවලංගු කෙරිණි. ඒ වෙනුවෙන් පවත්වන සම්මේලනය මෙලෙස 07 වැනිදා පැවැත්වේ.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් මන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම සම්මේලනයට සහභාගි වීමට නියමිතය.