එක්සත් ජාතික පක්ෂය විසින් බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලැබූ මැයි රැලියට එක්ව නැවත නිවස බලා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
සීගිරියේ පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ. අද (02දා) අලුයම 2.15ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
සීගිරිය බලා ගමන් කරමින් තිබූ බස් රථයක පාපුවරුවක සිටි එජාප ආධාරකරුවෙකු බසයෙන් වැටී එහි පසුපස රෝදයට යටවී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.