එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ගේ මාසික වැටුප ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා වෙන්කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඊයේ (29දා) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එලෙස එකතුවන මැති ඇමතිවරුන්ගේ මාසික වැටුප ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල් දරුවන්ගේ පෙළපොත් ඇතුළු පාසල් අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය
.