එක්සත් ජාතික පක්ෂයේ 15 වැනි මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා අද (10දා) වැඩ භාරගැනීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පෙරේදා (08දා) එම තනතුරින් ඉල්ලා අස්වීම නිසා ජාතික නායක රනිල් වික්රමසිංහ මහතාට පැවරී ඇති බලතලවලට අනුව නව මහලේකම්වරයා ලෙස කබීර් හෂීම් මහතා පත්කර තිබේ.
මේ අනුව පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා අද (10දා) සිරිකොත මූලස්ථානයේදී වැඩ භාරගැනීම සිදු වේ.
පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කබීර් හෂීම් මහතා මහලේකම්වරයා ලෙස පත්වීමත් සමග පක්ෂයේ සභාපති තනතුර පුරප්පාඩු වී තිබෙන අතර, එම තනතුරට පුද්ගලයෙකු පත්කිරීම ඉදිරියේදී සිදුවීමට නියමිතය.