එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා අපේක්ෂක චන්දන ප්රියන්ත, සන්ධාන දකුණු පළාත් සභා අපේක්ෂක ක්රිශාන්ත පුෂ්පකුමාර (රත්තරන්) හා තවත් එජාප ආධාරකරුවෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට මාතර මහේස්ත්රාත් අධිකරණය අද (24 දා) කටයුතු කරනු ලැබීය.
එජාප ආධාරකරුවන් දෙපිරිසක් අතර මාතරදී ඇතිවූ ගැටුමට සම්බන්ධ නඩු විභාගය සඳහා උසාවියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත.
සෙව්වන්දි පත්තුවේ ආරච්චි / මාතර මහේෂ්