එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සදහා ප්‍රංශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29දා) ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් (Charles de Gaulle) ගුවනතොටුපළින් ප්‍රංශයට ළගාවූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ඇතුළු පිරිසක් ජනපතිවරයා පිළිගෙන තිබේ. 2015 දේශගුණික විපර්යාස පිළිබද සමුළුවට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතරින් රාජ්‍ය නායක නායිකාවන් 80 දෙනෙකු පමණ සහභාගීවිමට නියමිතව ඇති බව ජනපති මාධ්‍ය අංශය කියයි.