වරලත් ගණකාධිකාරි ලක්ෂ්මන් අතුකෝරාළ මහා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) ස්වාධීන විගණන උපදේශන කමිටුවට පත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ විගණන කමිටුවට ශ්‍රී ලාංකිකයෙකු පත්වූ පළමු අවස්ථාව මෙය වෙයි.
ඔස්ට්‍රියාවේ වියනා නුවර පැවැති එම සංවිධානයේ 45 වැනි සැසිවාරයේදී මෙම පත්කිරීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වෙන අතුකොරාළ මහතා මේ වන විට එහි උපදේශකයෙකු ලෙදස කටයුතු කරයි.