ඉදිරියේදී සිදුකිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් නාරාහේන්පිට අභයාරාමයේදී අද(15) සවස 7.00ට පැවැත්වෙන බව එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් පසුගිය 13/14 දෙදින තුළ දිවයිනේ තොරාගත් රෝහල්වල සිදුකළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක වූ බවත්,තමන්ගේ ඉල්ලීම් සම්බන්ධව රජයෙන් නිසි විසඳුමක් නොලැබේනම් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳවද අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ඉකුත් දෙදින තුළ පැවැති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අසත්‍ය කරුණු ප්‍රකාශ කර ඇති බවත් අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද හිමියෝ පවසා සිටියහ.