සාම්ප්‍රදායික දමිළ ප්‍රදේශ තුළ ශ්‍රී ලංකා රජය විසින් සිංහල ජාතිකයන් වැඩි ප්‍රමාණයක් පදිංචි කරනු ලබන බවත්, එම ක්‍රියාමාර්ගය වහාම තනර කිරීමට පියවර ගතයුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිස ඉන්දියාවේ සිදුකළ සංචාරයට සමගාමීව, භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේ ඊයේ (27දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී සම්බන්ධන් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම මෙහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ එක්සත් ශ්‍රී ලංකාවක් යටතේ ශ්‍රී ලංකාවේ පවතින ගැටලුවට විසඳුමක් සොයාගත යුතු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසූ බවයි. එසේම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක වීම පිළිබඳවද මෝදි අදහස් ප්‍රකාශ කළ බව සම්බන්ධන් පවසා තිබේ.
ද හින්දු ඇසුරෙනි