එක්සත් රජයක් සඳහා ඇෆ්ගන් ගිවිසුමක් - ජනපති ධුරය අෂ්රෆ් ඝානිට හිමිවේ
එක්සත් රජයක් පිහිටුවීම සඳහා ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේදී ගිවිසුම් අත්සන් තැබීමක් අද (21දා) උත්සවාකාරයෙන් සිදුවිය.
පසුගිය අප්‍රේල් හා ජූනි මාසවල පැවති එරට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධ මතභේද අවසන් කරමින් මෙම ගිවිසුමට පැමිණීමට මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට හැකිවිය.
මෙම ගිවිසුම යටතේ, අෂ්රෆ් ඝානි ඇෆ්ගිනිස්ථානයේ ජනාධිපතිවරයා ලෙස පත්වන අතර, අබ්දුල්ලා අබ්දුල්ලා එරට අලුතින් ඇති කෙරුණු ප්‍රධාන විධායක ධුරයට පත් වෙයි. මෙම ධුරය අගමැතිවරයෙකුගේ ධුරයට සමාන බව කියැවෙයි.
මීට පෙර ජනාධිපතිවරණය පැවති සමයේ මෙම දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කළේ මැතිවරණ දූෂණ සිදුකළ බවටය.
අවසානයේ ඇමෙරිකානු මැදිහත්වීම් මැද මොවුන් දෙදෙනා එක්සත් රජයක් සඳහා පැමිණි අතර, එරට පාර්ලිමේන්තුවේදී පැවති මෙම ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය සජීවීව විකාශය කෙරිණි.
ඔවුන් ගිවිසුම් හුවමාරු කරමින් එකිනෙකා වැළඳ ගත් අතර, මෙය ඇමෙරිකාව මහත් හරසරින් පිළිගත් අවස්ථාවක් විය.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ තම අත්ල මතට ඇෆ්ගන් නායකයන් දෙදෙනාම ගැනීමට මෙමගින් අවස්ථාව ඇමෙරිකාවට අවස්ථාව උදාවූ බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

