යුද සමයේදී සහ යුද්දයෙන් පසුව බලහත්කාරයෙන් සිදු කළ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (11 දා) මන්නාරම දිස්ති්රක්කයේ සංචාරක නිරතවිය.
එම අවස්ථාවේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් උද්ඝෝෂණයක්ද පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස මන්නාරමට පැමිණෙන අවස්ථාවේදී මන්නාරමේ ප්රජාශාලාවක් ඉදිරිපිටදී අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය පැවති අතර උද්ඝෝෂණ අවසන් වීමෙන් පසුව එම නියෝජිත පිරිස විසින් අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු මන්නාරම් ප්රජා ශාලාවේදී විමසා ඇත.