එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්දින චාරිකාවක නිරත වූ ජනාධිපතිවයා ඊයේ (21දා) රාත්‍රී නැවත දිවයිනට ළඟාවීය.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධීපති හා අගමැති මෙන්ම, ඩුබායිහි පාලකයා වන ෂේක් මොහොමඩ් බින් රාෂිඩ් අල් මක්ටුම් මහතා සමග ඊයේ (21දා) සාකච්ඡා පැවැත්වීය.
එම සාකච්ඡාවේදී ෂේක් මොහොමඩ් මහතා ශ්‍රී ලංකාව වෙත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහයෝගය සහතික කළ අතර, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හා එහි යථාස්වරූපය පිළිබඳව තමාට මනා වැටහීමක් පවතින බවද පවසා සිටියේය.
ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට සහ ශ්‍රී ලංකාව තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් කරනු ලබන ආයෝජන වැඩි කිරීමට ෂේක් මොහොමඩ් මහතා කැමැත්ත පළ කළ අතර, මෙරට තුළ ආයෝජනය සඳහා යහපත් වාතාවරණයක් ගොඩනැගී ඇති බවද පවසා සිටියේය.
එහිදී, ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසට රාජපක්ෂ මහතා කළ ආරාධනය පිළිගත් ෂේක් මොහොමඩ් මහතා සාකච්ඡා අවසානයේදී තමන් විසින් රචිත කාව්‍ය ග්රන්ථයක් ජනාධිපතිවරයාට පිළිගැන්වූ අතර, විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.
සයිඩ් අනාගත බලශක්ති සම්මාන ප්‍රදානෝත්සවයට (Zayed Future Energy Prize Awards Ceremony) සහභාගි වීම ජනාධිපතිවරයාගේ මෙම චාරිකාවේ ප්‍රධාන අංගයක් විය. ඵලදායී නව්‍යකරණයේ දිගුකාලීන දර්ශනය හා පුනර්ජනනීය බලශක්තිය හා තිරසාර නායකත්වයේ සාර්ථකත්වය අගයනු පිණිස තේමාව කරගනිමින් මෙම සම්මානයන් වාර්ෂිකව පිරිනැමෙන බව පැවසෙයි.