රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (31දා) වැඩවර්ජනයක් දියත් කළද තම සංගමයේ සාමාජිකයන් රෝහල් තුළ රාජකාරි කටයුතු කරන බව බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අද (30දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න මහතා පැවසුවේ, සීමාවාසික පත්වීම් ලබාදීමේදී ගැටලු ඇතිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් දියත් කළද පත්වීම ලැබීමට නියමිත පිරිස් පත්වීම්වල ගැටලුවක් ඇති බවට ප්‍රකාශයක් හෝ පැමිණිල්ලක් බලධාරීන්ට සිදුකර නොමැති බවයි.