කරන්දෙණිය, යක්කටුව ප්රදේශයේදී ඊයේ (23දා) අලුයම නිවසකට ඇතුළු වී ඇති ආයුධ සන්නද්ධ 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම නිවයේ මව, පියා හා පුතුන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදී ඇතැයි පොලීසිය කියයි.
නිවැසියින් බරපතල තුවාල ලබා මුලින්ම ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත. පසුව මව කොළඹ ජාතික රෝහලටත් පියා හා පුතුන් දෙදෙනා කරාපිටිය රෝහටත් ඇතුළත් කර ඇත.
මැර ප්රහාරයට පැමිණි එක් සැකකරුවෙක් ඇසිඩ් ප්රහරයකට ලක්ව ඇල්පිටිය රෝලටත් ඇතුළත් කර ඇත.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත