පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහ ඇමතිවරුන්ගේ කැමැත්ත ලැබී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
මැතිවරණය එකම දිනයක පැවැත්වීමට යෑමෙන් සමහර පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට කල්යන බවට ප්‍රකාශ නිකුත් වෙමින් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
එහෙත් මැතිවරණය එකම දිනයක පැවැත්වීමෙන් රටට විශාල වාසි අත්වන බවද ඔහු සඳහන් කළේය.