හිටපු සහ වත්මන් පාලකයන් ජනතාවගේ මුදල්වලින් සතුටු කරන බවත් මෙය වෙනස් කළ යුතුව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, පෙරේදා (05දා) මාතරදී පැවැති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
&දේශපාලඥයට බලය කියන්නෙ මොකක්ද වගකිමක් හැබැයි මේ පාලකයන්ට රට පිළිබඳව වගකීමක් නැහැ. රනිල් මහත්තයා එයාට යන්න කාර් දෙකක් ගෙනවා එකක් කෝටි 30යි, දෙකට කෝටි 60යි , රටේ අගමැතිවරයට කෝටි 60ක කාර් මොකටද? අරහේ වකුගඩු රෝගින්, පිළිකා රෝගින්, බෙහෙත නැතුව දුක් විඳිනවා. මෙතුමා කෝටි 60ක කාර් ගේනවා. මේ අය බලය විඳිනවා. ඒ විතරක් නෙමෙයි මෛත්‍රී මහත්තයා බලයට ආපු දවසේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයට අතිරේක කාර්යාල දෙකක් අරන් මිලියන 45 යි මාසේ කුලිය. තව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිලි දෙකකට දෙකොටි තිස් ලක්ෂයක් ගෙවනවා නිකම් දැන් මාස 10ක් තිස්සේ. ඒ වගේම දැන් මෛත්‍රී මහත්තයා ගමන් යන්නේ හෙලිකොප්ටර් දෙකකින්. එකක් දෝෂයක් ආවොත් අනිත් එකට පනින්ද දන්නෙ නැහැ. යහපාලනය ගේනවා කියලා බලයට ආපු මේ අයත් මහජන මුදල් කිසිදු පැකිලිමකින් තොරව භාවිත කරනවා.
ඒ වගේම කලින් හිටපු අයත් කළේ මේ දේවල්ම තමයි. ශිරන්ති නෝනා වෙසක් බලන්න පැරිස් ගිහින් රැයවල් දෙකට වියදම දෙකෝටි පනස් ලක්ෂයයි, විමල් වීරවංශ ඇමති කාලේ මාසේ ලයිට් බිල එක්කෝටි දහඅටදාහයි, අනිත් ඇමතිවරු ගැනත් ඕන තරම් අපිට කියන්න පුළුවන්. අපි ජනතාවගෙන් අහනවා මේ වියදම් කිරීම් අනුමත කරනවාද? මේ පාලකයෝ බලය විඳිනවා ඒක වෙනස් කරන්න තමුන්නාන්සේලා තීරණයක් ගතයුතුයි. පාලකයෝ ජොලි කරන මේ දේශපාලන සංස්කෘතිය වෙනස කරන්න ඕන. මේ ආර්ථිකයත් වෙනස් කරන්න ඕන, දේශපාලනය ස්වේච්ඡා සේවයක් බවට පත් කරන්න ඕන. ඒ සඳහා යන ගමගේ මේ පළාත් පාලන මැතිවරණයේදි ඔබේ ගම අපිට දිලා බලන්න අපි දූෂණයෙන් තොර පාලනය කරනවා සහතිකයි. එතැනින් අපේ ගමන පටන් ගමු. 2020 දී අපේ ආණ්ඩුවක් බිහිකරන එක තමයි අපේ එකම අරමුණ, ඒනිසා මේ අවසන් දවස් කිහිපයේ රංගනවලට රැවටෙන්නෙ නැතුව ජනතා විමුක්ති පෙරමුණ දිනවන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා* යැයි පවසා සිටියේය.