2015 වසරේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වර්ධනය වී තිබෙන බව එංගලන්තය සඳහන් කරයි. එංගලනත්යේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි.
වසරක් පාසා මෙම වාර්තාව ඔවුන් සකස්කරන අතර 2015 වසරට අදාළ වාර්තාව මෙම මාසයේදි එංගලන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
එහි සඳහන් වන්නේ පසුගිය වසරේදී බුරුමය, ශ්‍රී ලංකාව හා කොළොම්බියාව මානව හිමිකම් ආරක්ෂා කිරීමට වැඩි වශයෙන් කටයුතු කර ඇති බවත් ඒ සඳහා පාලන තන්ත්රෙය ඉහළින් සිදුවූ වෙනස බලා ඇති බවත්ය.
ප්රකාශනයේ නිදහස, ආයතනයන්හි ස්වාධීනත්වය නැවත ස්ථාපති කිරීම හා ජනවර්ග අතර ගැටීම් වැළැක්විමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබෙන බව එම වාර්තාවේ සඳහන් වෙයි.
කෙසේ වෙතත් සැලකිය යුතු මට්ටමකින් මානව හිමිකම් කඩවිම් පිළිබඳව සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බව පෙන්වා දෙන එංගලන්තය මේ වසරෙදී තවදුරටත් ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරිමට පියවර ගනු ඇතැයි විශ්වාස කරයි.