එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් ෆඩිනෑඩ්ස් ටැරන්කෝ සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
දිවයිනට පැමිණි සහකාර මහ ලේකම්වරයා ඊයේ (20දා) ආර්ථික සංවර්ධන බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡාවල නිරත විය.
ශ්‍රී ලංකාවේ සිව්දින සංචාරයක යෙදෙන ඔහු මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, දේශාපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත සුබිනේ නැන්ඩි මහත්මිය ඇතුළු දෙපාර්ශ්යේ නියෝජිතයන් සහභාගි වූහ.