ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙකුවන සමරවීර වීරවන්නි මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා අද (19දා) එක්විය.
තරුණයන් වර්තමාන දේශපාලන තත්ත්වයට අකමැති බවත් ඔවුන්ව දේශපාලනයට ගෙන ඒම සඳහා යහපාලනයක් ඇති කිරීම සිය අපෙක්ෂාව බවත් වීරවන්නි මහතා පැවැසීය.