ඌව පළාත් සභාව පළාතේ පළාත් පාලන ආයතන මගින් එකතු කරන කසළ වලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
කොරියානු සමාගමක් සමග එක්ව ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමට යොජිත මෙම ව්‍යාපෘතියට ගිවිසුම අත්සන් කිරීම ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා සටාර් ග්රෑප් ලංකා සමාගමේ සභාපති ජිංගි ටේක් යන මහත්වරුන් අතර ඌව මහ ඇමති නිල නිවසේදී පසුගියදා සිදුකෙරුණි.
මෙම ව්‍යාපෘතිය මගින් මෙගවොට් 5-10 ත් අතර විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමට නියමිත අතර ව්‍යාපෘතියෙන් ලැබෙන ලාභයෙන් 1% ක් ඌව පළාත් සභාවට ලබාදීමට නියමිතය.
බදුල්ලේ පාලිත ආරියවංශ සහ ඇල්ල ප්‍රසාද් රුක්මල්