අක්කර 62,500ක උක් වගාකර සමස්ත ඌව වෙල්ලස්සම විනාශ කර දැමීමට වර්තමාන ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව ඌව පළාත් සහා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
උක් වගා තුළින් ලැබෙන අස්වැන්න ඇඹරීම සඳහා මාදුරුඔයේ ජලපෝෂක පිහිටි මාදුරුඔය රක්ෂිතයේ ඉඩම් අක්කර 373ක් තුළ උක් කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මීට පෙරද මෙවැනි ව්‍යාපෘතියක් ඌවවෙල්ලස්සට රැගෙන ඒමට පසුගිය ආණ්ඩුව කටයුතු කළ බවත්, එහෙත් ජනතාව සිදුකළ විරෝධතා හමුවේ එය හකුළා ගැනීමට සිදුවූ බවද ඒ මහතා පැවසීය.