ඌව පළාත් සභා මැතිවරණයට අදාළව මැතිවරණ ප්රචාරක කාර්යාල කඩා බිඳදැමීම යටතේ මේ වනවිට විනාශ වී ගිය කාර්යාල 37 න් 36ක්ම මොනරාගල දිස්ත්රික්කය තුළ පිහිටි කාර්යාල බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
මීට අමතරව පැෆරල් සංවිධානයට ලැබී ඇති මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිද්ධීන් පිළිබඳ පැමිණිලි 112 න් 74 ක් මොනරාගල දිස්ත්රික්කයෙන් වාර්තා වේ.
කැෆේ සංවිධානයට ලැබී ඇති පැමිණිලි 88 න් 63 ක් මොනරාගල දිස්ත්රික්කයෙන් වාර්තා වී තිබෙන අතර, මැතිවරණ නිරීක්ෂණ ජාලයට ලැබී ඇති පැමිණිලි 191 න් පැමිණිලි 141 ක් වාර්තා වී තිබෙන්නේද මොනරාගල දිස්ත්රික්කයෙනි.