ලබන මස මුල් සතිය තුළ ඌව පළාත් සභාව විසුරුවා හැරීම බොහෝදුරට විය හැකි බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 'අද' පුවත්පතට පැවසීය.
මෙකී පළාත් සභාවේ නිල කාලය ඊට ආසන්න දිනයකදී අවසන් වීමට නියමිතය.
ඊට පෙර සභාව විසුරුවා හැරීමට ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසට ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට උපදෙස් දුන් බවද ඒ මහතා පැවසීය.
පළාත් සභා මැතිවරණ අතරින් දැනට ඉතිරිව ඇත්තේ ඌව පළාත් සභාව පමණි.
කෙසේ නමුත් ජනපතිවරණය හෝ මහ මැතිවරණය සම්බන්ධව තවම තීන්දුවක් ගෙන නොමැති බවද ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.