ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් වයඹ පළාත් සභාවේ කටයුතු නතර කර නිවාඩු ලබාදී නොමැති බවත්, ශ්‍රී.ලං.නි.ප සම්මේලනය යෙදෙන සැප්තැම්බර් 02 දින සැසිවාරය පමණක් අවලංගු කළ බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘අද’ ට පැවසීය.
ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් වයඹ පළාත් සභාවේ වාහන හෝ රාජ්‍ය නිලධාරීන් යොදාගෙන නොමැති බවත් එලෙස තොරතුරු තිබේ නම් ඒවා හෙළි කරන ලෙසත් පදනම් විරහිතව සිදුකරන චෝදනා ප්රතික්ෂේපකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.