තමා මෙවරද පළාත් සභාවෙන් නිල වාහනයක් ලබා නොගන්නා අතර ඉන්ධන දීමනාව එකතු කර, ධාවනයෙන්ඉවත් කර ඇති වාහනයක් එම ඉන්ධන දීමනාවෙන් අලුත්වැඩියා කර අමාත්‍යාංශයේ වැඩට යොදා ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කර්මාන්ත, ප්‍රවාහන සහ සංචාරක කටයුතු අමාත්‍ය අනුර විදානගමගේ මහතා පැවසීය.
එමෙන්ම පසුගිය පළාත් සභාවේදී මෙන්ම මෙවරද තමන්ට හිමි වැටුප සමාජ සුබසාධන අරමුදලකට බැර කිරීමට උපදෙස් දුන් බවද ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.