මීළඟ මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ යුතු බවට උහන ප්‍රාදේශීය සභාවේ අද (26දා) ඉදිරිපත් වූ යෝජනාව එක්සත් ජනතා සංවිධානයේ සියලුම මන්ත්රීවරුඒකමතිකව අනුමත කළහ.
උහන ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම උහන ප්‍රාදේශිය සභාවේදී අද පෙරවරුවේ එහි වැඩබලන සභාපති උපුල් පි‍්‍රයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට ප්‍රාදේශිය සභා මන්ත්‍රී ආනන්ද ගමගේ මහතා යෝජනා කළ අතර හිටපු සභාපති රංජිත් ඒකනායක මහතා එය අනුමත කළේය. මේ පිළිබඳ ජන්දය විමසන අවස්ථාවේ එ.ජා.ප. මන්ත්‍රීවරු සභා ගැබේ නොසිටියහ.