කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණ සංකීර්ණයට යාබදව මුදල් ඔට්ටුවට දමා සූදු සෙල්ලම් කළ හයදෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව අධිකරණ භූමියට යාබද ඉඩමේ ගොඩනැගිල්ලක සූදු සෙල්ලම් කරමින් සිටි හයදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් මුදාහැරීමට කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්රාත්වරයා නියෝග කළේය.