උසස් පෙළ විභාගයට අදාළව නිකුත් කර තිබෙනා ප්‍ර‘වේශ පත්‍රවල සඳහන් විෂය හෝ භාෂා සංශෝධන සිදුකිරීමට අවශ්‍යනම් ඒ පිළිබඳව මේ මස 20 වන දිනට පෙර දන්වන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
උසස් පෙළ විභාගයට අදාළ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍ර‘වේශපත්‍ර විදුහල්පතිවරුන්ට මේවනවිට ලබාදී තිබෙන බවත් ඒවා විදුහල්පතිවරුන් විසින් කඩිනමින් අයදුම්පත්කරුවන්ට ලබාදිය යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
මීට අමතරව පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍ර‘වේශපත්‍ර තැපෑලට යොමු කර තිබෙන බවද පවසා සිටියේය.
සියලුම විමසීම් 0112784208, 0112784537 හෝ 1911 සිදුකළ හැකිය.