අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව හෙට (03දා) සිට සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
අදාළ පිළිතුරු පත්‍ර අද(02දා) පිළිතුරු පත්‍ර ඇගයීම සිදුකරන මධ්‍යස්ථානවලට ලබාදීම සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
අදියර දෙකක් යටතේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සිදුකරන බවත්, මේ අනුව හෙට (03දා) සිට ලබන 13 වැනිදා දක්වා කාලය තුළදී පළමු අදියරේ වැඩකටයුතු සිදුකරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයාපවසා සිටියේය.
අදාළ කටයුතු සඳහා පාසල් 57ක් සම්පූර්ණයෙන් වසා තැබෙන බවත්, එම පාසල්වල පළමු වාරය ආරම්භ වන්නේ ජනවාරි 15 වැනිදා බවද හෙතෙම පවසා සිටියේය.
දෙවැනි අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවමේ මස 23 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වේ.