අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම සඳහා සැප්තැම්බර් 07 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ පාසල් 05ක් සම්පූර්ණයෙන් වසා දමන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව පාසල් 22ක් එම කාලය තුළදී කොටසක් වශයෙන් වසා තබන බවද විභාග කොමසාරිස් ජනරල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
කොටසක් පමණක් වසා තබන පාසල් 22, තෙවැනි පාසල් වාරය ආරම්භ වන සැප්තැම්බර් 06 වැනිදා සාමාන්‍ය පරිදි ආරම්භ වන බවද හෙතෙම පවසා සිටියේය.
සම්පූර්ණයෙන් වසා තබන පාසල් සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ වේ. දෙවැනි පාසල් වාරය අදින් (04දා) අවසන් වේ.
ඒ අනුව සම්පූර්ණයෙන් වසා තබන පාසල් පහත පරිදි වේ.
රාජකීය විද්‍යාලය - කොළඹ 07, කිංස්වුඩ් විද්‍යාලය - මහනුවර, විහාරමහාදේවී බාලිකා මහා විද්‍යාලය - මහනුවර, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය - මහනුවර, සීතාදේවි බාලිකා විද්‍යාලය - මහනුවර
අඩක් වසා තබන පාසල්
විශාඛා විද්‍යාලය - කොළඹ 05, නාලන්දා විද්‍යාලය - කොළඹ 10, වේලාපුර මහා විද්‍යාලය - කළුතර, ශන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලය - මීගමුව, බණ්ඩාරනායක විද්‍යාලය - ගම්පහ, රත්නාවලී බාලිකා විද්‍යාලය - ගම්පහ, ෆර්ගසන් උසස් විද්‍යාලය - රත්නපුර, මලියදේව බාලිකා විද්‍යාලය - කුරුණෑගල, මලියදේව විද්‍යාලය - කුරුණෑගල, ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය - කෑගල්ල, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය- අනුරාධපුරය, රාජකීය මධ්‍ය මහා විද්‍යාලය - පොළොන්නරුව, විද්‍යාලෝක විද්‍යාලය - ගාල්ල, ශන්ත තෝමස් විද්‍යාලය - මාතර, හාලිඇළ මහා විද්‍යාලය - හාලිඇළ, ශාන්ත ජෝශප් විද්‍යාලය - බණ්ඩාරවෙල, වෙස්ලි විද්‍යාලය -කල්මුණේ, වින්සන්ට් උසස් බාලිකා මහා විද්‍යාලය - මඩකලපුව, වවුනියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලය - වවුනියාව, මධ්‍ය මහා විද්‍යාලය - යාපනය