මේ වර්ෂයේ අපොස උසස් පෙළ රසායන විද්‍යාව ii ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් අත්පත්‍රිකාවක් ගම්පහ ප්‍රදේශයේ බාලිකා පාසලක් අසල බෙදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනෙකු මේ මස 30දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (22දා) නියෝග කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණි. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී මෙම අත්පත්‍රිකා පරිගණක යතුරු ලියනය කරන ලද ගම්පහ, බෞද්ධාලෝක මාවතේ පිහිටි මුද්‍රණාලයක හිමිකරුවෙකුද ඊයේ (21දා) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙම සැකකරුවන් තිදෙනා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.