2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජනවාරි මස 15වැනිදා තෙක් අයදුම්පත් බාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවා තිබෙන බවත් පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව මගින් ජාතික පුවත්පත්වල පළකරන දැන්වීම අනුව සකස් කළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
මීට අමතරව නැවත සමීක්ෂණ අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ ද පළකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.