මහමැතිවරණය හේතුවෙන් උසස් පෙළ විභාගයේ කාලසටහන සුලු සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය. මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 17 වෙනිදා බැවින් අගෝස්තු මස 14 වෙනිදාත්, 21 වෙනිදාත් අතර කාලයේදී උසස් පෙළ විභාගය නොපවත්වන බවත් අදාළ විෂයන් සඳහා වූ ප්‍රශ්න පත්‍ර වෙනත් දිනයන් හිදී අපේක්ෂකයින් වෙත ලබාදෙන බවත් අමාත්‍යංශය පැවසීය.