උමාඔය ව්‍යාපෘතිය යටතේ සකස් කරන උමග සෑදීමේදී පොළොව තුළින් තත්ත්පරයට ජලය ලීටර් 1076ක් ගලාගෙන පැමිණීම හේතුවෙන් එහි වැඩකටයුතුවලට බාධා එල්ල වෙමින් තිබෙන බව පරිසර හා මහවැලි නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය.
උමඟ සකස් කිරීම ආරම්භ කළ කාලයේදී ඒ තුළින් ගලා ගෙන ආවේ තත්ත්පරයට ජලය ලීටර් 400ක් පමණක් බවද හෙතෙම පවසා සිටියේය.
මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුව තිබෙන්නේ සකස් කළ පරිසර ඇගයීම් වාර්තාව තුළින් සමස්ත උමං භූමියේම තිබෙන්නේ එකම පාෂාණයක් බවට අනුමාන කර වාර්තාව සකස් කිරීම හේතුවෙන් බවද ඒ මහතා කියා සිටියේය.