උමා ඔය ව්‍යාපෘතිය ඉදිකිරීම තාවකාලිකව නවතා දැමූවත් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට හැකියාවක් නොමැති බව වාර්මාර්ග හා ජල කළමනාකරණ අමාතළු විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය නවතා දැමූවහොත් විශාල හානියක් එම ප්‍ර‘දේශවලට සිදුවිය හැකි බවත්, මේ නිසා විද්‍යානුකූල ක්‍රම‘වේදයන්ට අනුව මෙම කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවද අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.