උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ මස 31දා නෝර්වේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග එම කණ්ඩායම විසින් ලබා දෙන නිගමන මත සිදුකරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(07දා) අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ඉරාන සමාගම මීට පෙර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අත්දැකීමක් නොමැති සමාගමක් බවත් හෙළි වී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.