උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය හේතුවෙන් පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට දෙන විසඳුම් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ඉදිරි සතියේදී ලිඛිතව ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ(14) නීතිපතිට එම නියෝග නිකුත් කෙරිණ.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ සිසිර ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් සලකා බලා මේ තීරණය දුන්හ.
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලිමෙන් අනතුරු එම නියෝගය නිකුත් කළේය.