උමා ඔය ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්
මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය දෙවැනි අවස්ථාවටත් පාරිසරික වාර්තාවක් ලබා ගැනීම සඳහා තාවකාලිකව නවත්වා තිබියදි එම පාරිසරික වාර්තාව ලබාගෙන නැවතවරක් ව්‍යාපෘතිය ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
'අද' පුවත්පතට සතිපතා මන්ත්‍රීවරයා විසින් රචනා කරන කුරහන් සුවඳ තීරු ලිපියේදී උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරිමක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන ආවේ නිසා තාක්ෂණික ක්‍රම හරහා බවත් 2005 වසරේදී උමා ඔය ව්‍යාපෘතිය මහින්ද චින්තනයට ඇතුළත් කිරීමේදි එවක මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා හා හවුල්කරුවන් ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළ උරුමයත් ඒ පිළිබඳව දැන සිටි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එම කාලයේදී ඔවුන් එයට විරුද්ධ නොවූයේ උමා ඔය ව්‍යාපෘතියේ ධනාත්මක පැතිකඩ පිළිබඳව දැනගෙන සිටි නිසා බවත් වර්තමානයේදී එහි ගැටලුවක් ඇතිවූ විට සියලු වගකීම් මහින්ද රාජපක්ෂ මහතාට පවරන බවත් ඔහු පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේදි මෙවැනි විරෝධයක් පැමිණි බවත් එම ගැටලු විසඳා ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාමෙන් මේ වන විට රටම ප්රතිලාභ ලබන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

