උමා ඔය කඩිනම් කරන්නට ජනපති උපදෙස්
උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප්රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද (09) පස්වරුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ 2017 වර්ෂයට අදාළ ප්‍රගතිය සහ 2018 ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.
ජාතික පරිසර ප්‍රතිපත්තිය සකස් කිරීමේ මෙතක් ප්‍රගතිය ද, අමාත්‍යාංශට අයත් ආයතනවල ප්‍රගතිය, විදේශ අරමුදල් යටතේ කි‍්‍රයාත්මක මහවැලි ව්‍යාපෘති, විදේශ අරමුදල් යටතේ කි‍්‍රයාත්මක පරිසර ව්‍යාපෘති සහ අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන ආදායම් උත්පාදන ආයතනවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරිණි.
ඉදිරියේදී නිසිකලට වැසි නොලැබීමෙන් රට තුළ ඇතිවිය හැකි නියං තත්ත්වය හඳුනා ගනිමින් ඊට මුහුණදිය හැකි ආකාරයෙන් කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන ක්ෂේත්රවලට අදාළ සැලසුම් සකස් කිරීම සඳහා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් දෙනු ලැබීය.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


