උමා ඔය ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය හා බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු අද (11දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත.
මේ අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මීට පෙර ගොනුකර තිබූ නඩුව අද ශේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අතර, අද දිනය තුළ උමා ඔය ව්‍යාපෘතියට අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නඩුව ලබන මස 29 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කරන ලදී.