අරලියගහ මන්දිරයේ අද (12දා) පෙරවරුවේ පැවැති උත්සවයකදී සංවර්ධන නිලධාරීන් ලෙස උපාධිධාරීන් 2592 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදුවිය.
මෙම පිරිස තෝරාගෙන තිබුණේ සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාවට අනුව 2012 වසරේ මාර්තු 31 දිනට සුදුසුකම් සම්පූර්ණ කරන ලද උපාධිධාරීන් 6293 දෙනෙකු සම්මුඛ පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුවය.
වසරක පුහුණුවකින් අනතුරුව ඔවුන්ට ස්ථීර පත්වීම් ලබාදීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය මාස තුනේදී පමණක් රාජ්‍ය සේවයට 7000ක් බඳවා ගෙන ඇති බවයි.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාළ යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.