රැකියා විරහිත උපාධිධාරින්ගේ ඉල්ලීම් පිළිබඳව සොයාබැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත්කර තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව පත් කර ඇත. රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද(05) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදී රැකියා විරහිත උපාධිධාරින් සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇත. උපාධිධාරීන්ට සුදුසුකම්වලට අනුව රැකියා ලබාදීම සිදුකීරීම සහ උපාධියට අමතරව අනාගතයට ගැළපෙන පරිදි වෘත්තීමය සුදුසුකම් ඔවුන් වෙත ලබාදීමටත් අගමැතිවරයා යෝජනා කර තිබේ.