විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිරගත වී ඇත්තේ මහජන මුදල් අවභාවිත කළ බැවින් නිසා ඔහු දේශපාලන සිරකරුවෙකු නොවන බවත්උපවාස කළා කියා ඇප නොදෙන බවත්විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවට ඊයේ(22දා) එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීය.
විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බන්ධනාගරය තුළ උපවාසයක් ආරම්භකිරීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කළ අවස්ථාවේ අමාත්‍යවරයා පැවසුවේ උපවාස කිරීම පිළීබඳ නීතියට කිසිදු අදාළත්වයක් නැති බවයි. එසේ වුවද එය පුවත් නිර්මාණය කර ප්‍රසිද්ධ වීමට හොඳ ක්‍රියාවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිරගත වී ඇත්තේ මහජන මුදල් අවභාවිත කළ බැවින් වන අතර, ඔහු දේශපාලන සිරකරුවෙකු නොවන බවද අමාත්‍යවරයා කීවේය.
''අපේ රටේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රෙෂ්ඨාධිකරණය දක්වා සෑම අධිකරණයක්ම ස්වාධීනතාව විශ්වාස කරනවා. එක් එක් විනිසුරුවරු නඩුවේ තිබෙන කරුණු සහ නීතිය අනුවයි පෙනීසිටින්නේ. නීතිය අනුව කටයුතු කිරීමෙන් තමයි සහන ලබාගැනීමට පුළුවන් වෙන්නේ.
අපේ රටේ ඇප නීතියක් තිබෙනවා. ඇප පනතක් තිබෙනවා. මහජන දේපොළ සම්බන්ධ වැරදිවලට ඇපදීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ නීතියක් තිබෙනවා. ඒ අනුව කරුණු අධිකරණයට ගිහින් කියන්න අවශ්‍යයි. උපවාස කළා කියලා ඇප දෙන්නේ නැහැ. නීතිඥයෙක් විදිහට මට කියන්න තියෙන්නේ උපවාස කිරීම තේරුමක් නැති දෙයක් කියන එකයි.
නමුත් දේශපාලඥයෙක් විදියට කල්පනා කළාම ඒක නැගලායන වැඩක් වෙයි. පුවත් මවන වැඩක්. කොහොම වුණත් ඔය හිරේ ඉන්නේ රට වෙනුවෙන් සටන් කරලා නෙවෙයිනේ. රාජ්‍ය දේපොළ අයුතුලෙස පරිහරණය කරපු නිසානේ හිරේ ඉන්නේ. ඔහු දේශපාලන හිරකරුවෙක් නෙවෙයි. ඕනෑම සැකකරුවෙකුට සුදුසු කොන්දේසි මත, සුදුසු අවස්ථාවල ඇප දෙනවා. ඒකට හොද නීතිඥමහත්වරු අල්ලන්න අවශ්‍යයි'' යැයි කියා සිටියේය.