උපත් පාලන කොපු තුළට මත්ද්‍රව්‍ය දමා ගිල ගනියි
මත්ද්‍රව්‍ය තොගයක් උපත් පාලන කොපු තුළ බහා ගිල දමා පැමිණි 36 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකු ඊයේ (16දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.මොහු බ්‍රසීලයේ සාඕ පාලෝ නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , පසුව කටාර් ගුවන් සේවයේ Q.R.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම බ්‍රසීල ජාතිකයා මත්ද්‍රව්‍ය තොගයක් ගිල දමා පැමිණ සිටි බව අනාවරණය කර ගත් රේගු නිලධාරීන් , වහාම සැකකරු මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.එහිදී රෝහල් වෛද්‍යවරුන් සිදු කරන ලද X - කිරණ පරීක්ෂාවකදී මේ බැව් තහවුරු වීමෙන් අනතුරුව මේ පුද්ගලයාට විරේක බෙහෙත් ලබා දීම ආරම්භ කර තිබේ. අද උදෑසන වන විට මෙම බ්‍රසීල ජාතිකයා ගිල දමා තිබූ , මත්ද්‍රව්‍ය අඩංගු කරල් 45 ක් එළියට ගැනීමට රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබුණි .
තවදුරටත් මෙම පුද්ගලයාගේ ආමාශයේ මෙම මත්ද්‍රව්‍ය කරල් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා විරේක බෙහෙත් ලබා දීම දිගටම සිදු කෙරෙමින් පවතී . එහෙත් මොහු ආහාර ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම කරල් එළියට පැමිණීම ප්‍රමාද වී තිබේ. එමෙන්ම මෙම බ්‍රසීල ජාතිකයාට ඉංග්‍රීසි භාෂාව හැසිර වීමට නොහැකි වීම ද ඉදිරි රේගු පරීක්ෂණ වලට බාධාවක් වුවද රේගු නිලධාරීන් භාෂා පරිවර්තකයින් යොදවා ගනිමින් ඉදිරි පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


