නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීසමෘද්ධි නිලධාරීන්ටත් පොදුවේ රාජ්‍ය සේවයටත් තර්ජනයක් වන අයුරින් කළ ප්‍රකාශයට විරෝධය දක්විමින් ඔහුගේ දේශපාලන බල ප්‍රදේශය වන බණ්ඩාරගම නගරයට පැමිණ විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිනගේ සංවිධානය කියයි. එම ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නේ නම් අදාළ විරෝධතාව එළැඹෙන 22දා පවත්වන බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනේ.