ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ගෝෂණය කළ උද්ගෝෂකයන්ට එරෙහිව ආක්‍රමණශීලීව හැසිරුණේ යැයි කියන සිද්ධියකට අදාළව, ලන්ඩන් නුවවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාළයට අනුබද්ධව සේවය කළ අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේවය අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහාකොමසාරිස්තුමියට දැනුම් දුන් බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
තවද සමාජ සහ අන්තර් ජාල මාධ්‍යවල සංසරණය වෙමින් පවතින වීඩියෝ දර්ශන පිළිබදව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමුකර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ට්විටර් ගිණුම ඇසුරෙන්